හේෂාට වරෙන්තු
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්රාත්වරයා ඊයේ (12) වරෙන්තු නිකුත් කර තිබේ.
හේෂා විතානගේ සහ හිටපු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම 2019 නොවැම්බර් 01 දින අරලියගහ මන්දිරය ඉදිරිපිටදී හිටපු පළාත් සභා මන්ත්රීවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පවරා තිබෙන නඩුව විභාග වෙමින් පවතී. එයට ඉදිරිපත් නොවීම හේතුවෙන් එම වරෙන්තුව නිකුත් කර ඇත.
නීතිපති උපදෙස් අනුව ලබන නොවැම්බර් 21 දින එම නඩුව නැවත කැඳවීමට නියෝග කර තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

