Latestදේශීය

ප්‍රභල ඇමතිවරයෙක් අත්අඩංගුවට?

රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කිරීමට එක් වී සිටින ඇමැතිවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්‍ෂි රැසක් හෙළි වී තිබුණ ද, එය කල් දැමීමේ උත්සාහයක් පවතින බවට තොරතුරු හෙළි වෙමින් තිබේ.

ජනාධිපති ආරක්‍ෂක උපදේශක, සාගල රත්නායක හමු වී එම අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස අදාළ ඇමැතිවරයා ඉල්ලා ඇති බව මේ වන විට හෙළි වේ. පොලිසිය අදාළ චෝදනා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයක දී අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් තොරතුරු හෙළි වී ඇතැයි වාර්තා වේ.

කෙහෙළිය රඹුක්වැල්ල මේ ආකාරයටම නීතියෙන් කට්ටි පනිමින් සිටිය ද, අවසානයේ අත්අඩංගුවට පත්ව මාස 7කට පසුව පසුගිය දා ඇප පිට නිදහස් කරනු ලැබී ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *