Latestවිදේශීය

අයෙත් වාද කරමු(හැරිස්) – බැහැ(ට්‍රම්ප්)

ප්‍රතිවාදී අපේක්ෂක කමලා හැරිස් සමග යලිත් විවාද කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

නමුත් අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් සඳහන් කර සිටින්නේ තවත් විවාදයක් අවශ්‍ය බවයි.

මාධ්‍ය අමතා ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ කියා සිටියේ කමලා හැරිස්ට නැවත තරඟයක් අවශ්‍ය වූයේ තමා “පැහැදිලිව” විවාදය ජයගත් නිසා බවයි.

හැරිස්, ඇගේ රිපබ්ලිකන් ප්‍රතිවාදියාට වඩා හොඳින් ක්‍රියා කර ඇති බව ඡන්දදායකයින්ට හැඟී ගොස් ඇති බව පසුගිය අඟහරුවාදා පැවති විවාදයෙන් පසු සිදු කරන ලද ක්ෂණික මත විමසුම් කිහිපයකින් පෙනී ගොස් තිබුනු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ට්‍රම්ප් තවදුරටත් කියා සිටියේ හැරිස් උප ජනාධිපති ලෙස ඇයගේ වගකීම් කෙරෙහි “අවධානය යොමු කළ යුතු” බවයි.

ඡන්ද විමසීම්වලින් පෙනී යන්නේ මැතිවරණයට තවත් මාස දෙකක් ඉතිරිව තිබියදී අපේක්ෂකයින් දෙදෙනා අතිශය තියුණු තරඟයක සිටින බවයි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *