බංගලාදේශයේ නීතිය හා සාමය බිඳවැටෙයි
නීතිය හා සාමය බිඳ වැටීම හේතුවෙන් සිය කර්මාන්තශාලා සහ ව්‍යාපාරික ස්ථාන විරෝධතාකරුවන්ගෙන් රැක ගැනීම සඳහා කඩිනමින් ආරක්ෂාව සහතික කරන ලෙස බංග්ලාදේශයේ සමස්ත ව්‍යාපාරික ප්‍රජාව අන්තර්වාර රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට ව්‍යාපාරික නායකයන්, බැංකු පද්ධතියේ නිලධාරින් සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට සම්බන්ධ වෘත්තීයවේදීන් රැසක් පසුගියදා එම ඉල්ලීම කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ව්‍යාපාරික ස්ථාන සහ කර්මාන්තශාලාවලට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාර එල්ලවන අවස්ථාවේදී පොලිසිය එම ස්ථානයෙන් ඉවත්වීම බරපතළ කරුණක් බවත්, කාර්මික ජනපදවල ස්ථාපිත කර ඇති පොලිස් ස්ථානවල ක්‍රියාකලාපය අතිශය කනගාටුදායක බවත් එහිදී ව්‍යාපාරිකයන් රජයට පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ.
පසුගිය මාසයේ බංග්ලාදේශයේ උද්ගත වූ ශිෂ්‍ය විරෝධතා අතරතුර පොලිස් නිලධාරින් විශාල පිරිසකට ප්‍රහාර එල්ලවීම හේතුවෙන් පොදු ස්ථානවලදී අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග ගැනීමෙන් පොලිසිය වැළකී සිටින බවත්, එය විරෝධතාකරුවන්ට සිය අරමුණු ඉටු කරගැනීමට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර ඇති බවත් එරට ව්‍යාපාරික ප්‍රජාව අන්තර්වාර රජයට කරුණු පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

