Latestදේශීය

සජිත්ගේ 50%ට තව මහන්සි වෙන්න ඕනා – තිස්ස අත්තනායක

සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයෙන් සියයට පණහක ප්‍රතිශතයක් ලබා ගැනීමට මැතිවරණ ව්‍යාපාරය තවත් වේගවත් කළ යුතු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

දැනට ඉදිරියෙන් සිටින අපේක්ෂකයන් අතරින් සජිත් ප්‍රේමදාස මහතා පළමු ස්ථානයේ සිටින බවද පැවසු ඔහු සෙසු අපේක්ෂකයන් සිටින්නේ බොහෝ පහලින් බවත් කියා සිටී.

මෙවර මැතිවරණයේදී ඡන්ද දායකයන් මිලියන දාහතරක් පමණ ඡන්දය භාවිතා කරනු ඇති බවද පැවසූහු ඉන් සියයට පනහක් ලබා ගැනීමට ඡන්ද ලක්ෂ හැත්තෑවකුත් එක් ඡන්දයක් ලබාගත යුතු බවද හෙතෙම පැවසීය.

ගුවන් විදුලි නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පලකර ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *