Latestවිදේශීය

වඳුරු උණට එරෙහි එන්නතට WHO අනුමැතිය

වඳුරු උණ ආසාදනය වැලැක්වීමට පියවරක් ලෙස හඳුන්වා දුන් පළමු එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, වඳුරු උණ ආසාදනයට එරෙහිව වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයන් සඳහා මාත්‍රා දෙකකින් යුත් මෙම mpox එන්නත භාවිත කිරීමට අවසර ලැබේ.

වයස අවුරුදු 18ට අඩු අය සඳහා එන්නත නිර්දේශ නොකරන නමුත්, ළදරුවන්, ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් සඳහා ද එය සුවිශේෂී තත්ත්වයන් තුළ භාවිත කළ හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *