ටෙලිෆෝනයේ අගමැති පොරය කරළියට
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වීමටත් පෙර සමගි ජන බලවේගය තුළ අගමැති ධූරය සඳහා සීතල සටනක් ආරම්භ වී තිබේ.
ඊළඟ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා දැනටමත් එම පක්‍ෂයේ ප්‍රධානීන් දෙදෙනෙකුගේ නම් කියවීමෙන් තිබේ.
ඒ පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරියල්ල මහතාගේ නම්ය.
ඒ දෙදෙනාගේ නම් අග්‍රාමාත්‍ය ධූරය සඳහා සුදුසු බවට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් තම සිතැඟි පරිදි ප්‍රකාශ කරන්නට පටන් ගෙන ඇත.
මත්දුම්බණ්ඩාර මහතා අගමැති ධුරයට සුදුසු බව මන්ත්‍රීන් වැඩි පිරිසක් පවසමින් සිටින අතර කිහිප දෙනෙකු පමණක් කිරිඇල්ල මහතා අගමැති විය යුතු බව කියා සිටිති.
කෙසේ වෙතත් මෙම දෙදෙනා අතර පවතින තරගකාරී තත්ත්වය තවත් වැඩි වුවහොත් අග්‍රාමාත්‍ය ධුරය වෙනත් ජේෂ්ඨයෙකුට ලබාදීමටද සූදානමක් ඇතැයි ද වාර්තා වෙයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

