Latestදේශීය

මැතිවරණ ප්‍රචන්ඩත්වය ගැන ඇමරිකාවේ අදහස

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියි. 

එම දෙපාර්තමේන්තුව නිකුත්කර ඇති සංචාරක උපදේශයෙන් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව රැස්වන ස්ථානවලට යෑමෙන් වළකින ලෙසයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය ට පෙර, ඒ අතරතුර සහ පසුව උද්ඝෝෂණ ඇතිවීමට ඉඩ ඇති බවයි.

සාමකාමී ජනතා එකතුවීම් පවා පෙර දැනුම්දීමකින් තොරව කලහකාරී විය හැකි බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *