අධිවේගයේ විදුලි රැහැන් කැපූ පුද්ගලයෙක් අත්අඩංගුවට
අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුව ආසන්නයේ භූගත විදුලි රැහැන් කපමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (15) අළුයම කොළඹ, කටුනායක අධිවේගී මාර්ගයේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි අධිවේගී මාර්ගයේ සංචාරක කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු සිය බාරයට ගෙන පසුව වත්තල පොලීසියට භාර දී ඇත.
සැකකරු සතුව තිබී අඩි 14ක් දිග තඹ කේබල් 2ක් සහ කේබල් කැපීමට යොදාගන්නා ආයුධ හමු වූ බව පොලීසිය පවසයි.
සැකකරු 31 හැවිරිදි වනවාසල කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

