Latestදේශීය

හේෂා,සුසන්ත ගැටුම දුරදිග යයි – සජබ ඇතුළ උණුසුම් වෙයි

සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ පවතින දැඩි විරසකයන් එළිපිට පුපුරා යාමට පටන්ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළි වී ඇති අතර, වීඩියෝ දර්ශන සහිතව මානිපායි සහ රත්නපුරයේ සිද්ධි ජනතාව අතර සංසරණය වෙමින් පවතී. මානිපායි හි දී පැවැති ප්‍රචාරක රැලියක් රිෂාඩ් බදියුදීන් අමතමින් සිටින අතර, චිට් එකක් ලබා දී එය නවත්වන ලෙස සංවිධායකයන් විසින් දන්වනු ලැබීය. එයින් කෝපයට පත් බදියුදීන් මන්ත්‍රීවරයා අදාළ කොළ කැබැල්ල විසි කර දමා අතරමඟ කතාව නවත්වා ඉවත්ව ගියේ ය. සජිත් ප්‍රේමදාසට අවස්ථාව ලබා දීම සඳහා රිෂාඩ් බදියුදීන්ගේ කතාව නතර කරන ලෙස නියෝග කෙරී ඇති බව වාර්තා වේ.

එමෙන්ම පසුගිය 14 වැනිදා රත්නපුර නගරය ආසන්නයේ පැවැති රැලියට සුසන්ත පුංචිනිලමේ ඇතුළු පිරිසක් එක් විය. ඒ අවස්ථාවේ හේෂා විතානගේ ඇතුළු පිරිසක් වේදිකාවෙන් බැස ගියහ. මහජනතාව අතර සිට ඔහු ඇතුළු පිරිස සුසන්ත පුංචිනිලමේට  විරෝධය පෑ අතර, සුසන්ත පුංචිනිලමේ එම විරෝධය හමුවේ වේදිකාවෙන් බැස ගියේ ය. ඉන් පසු හේෂා විතානගේ වේදිකාවට ගොඩ විය.

මෙම ගැටුම් සමථයකට පත් කිරීම සඳහා සජිත් ප්‍රේමදාස කිසිදු මැදිහත් වීමක් නොකළ බව වාර්තා වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *