Latestදේශීය

උත්තරය අනුර – පෝද්දල ජයන්ත

දැන් රටටත් ජනතාවටත් විශ්වාසය තැබිය හැකි එකම දේශපාලන, සමාජ ව්‍යාපාරය ජාතික ජන බලවේගය බවත් රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාසගේ අතීත භාවිතාව අනුව ඔවුන් කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බවත් මහින්ද රාජපක්ෂ පාලන සමයේ එම පාලනයේ දැඩි මර්දනයට හසු වී ඉතා අසීරුවෙන් ජීවිතය බේරාගත් නිදහස් මාධ්‍යවේදී පෝද්දල ජයන්ත අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ සිට ක්‍රියාත්මක Political Plus යූටියුබ් නාලිකාවේ කංචන මාරසිංහ විසින් මෙහෙයවූ සම්මුඛ සාකච්ඡාවකදීය.

ජාතික ජන බලවේගය හුදු දේශපාලන පක්ෂයක් නොවන බවත් එය මේ වනවිට රටේ මහජනතා අතටගෙන ඇති මහජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී ඇති බවත් අවධාරණය කරන නිදහස් මාධ්‍යවේදී පෝද්දල ජයන්ත වැඩිදුරටත් පවසන්නේ විශ්වාසය තැබිය හැක්කේ අනුර කුමාර දිසානායක ගැන පමණක් බවය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *