Latestදේශීය

ශ්‍රීලනිප ආසන සංවිධායකවරයෙක් පහර දී ඝාතනය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ සම්පත් ගමගේ නමැත්තාව ඔහුගේ නිවසේදී ඝාතනය කර තිබේ.

මීගොඩ පොලීසිය පැවසුවේ ඔහු පදිංචිව සිටි හෝමාගම පනාගොඩ සමගි මාවතේ නිවසේදී මෙම අපරාධය සිදුකර ඇති බවය.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අනියම් සම්බන්ධයක් පිළිබඳව ද කරුණු අනාවරණය වී ඇති බවය.

ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මුගුරකින් හිසට පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙන අතර එහිදී බරපතළ තුවාල ලැබූ සම්පත් ගමගේ නමැත්තා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ඝාතනය සිදු කළ සැකකරු මෙතෙක් හඳුනාගෙන නොමැත.

මියගිය පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කර මීට සති දෙකකට පමණ පෙරදී සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සහයෝගය පළ කිරීමට කටයුතු කර තිබූ බවද නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *