Latestදේශීය

කේරල ගංජා තවත් තොගයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව; පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව පසුගිය දා (15) වන දින චාවකච්චේරි පලෙයි ප්‍රදේශයෙහි සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී, කේරළ ගංජා කිලෝ අනූ හතරයි (94) ග්‍රෑම් පන්සිය විස්සක (520) තොගයක් සමඟ සැකකාරියක් (01) සහ කැබ් රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි. 

ඒ අනුව, උතුරු නාවික විධානයේ නාවික ස්ථානගත කිරීම වෙත්තලකේණි ආයතනය; නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ඊයේ චාවකච්චාරි පලෙයි ප්‍රදේශයෙහි සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්‍ෂවට ලක් කෙරිණි. එහිදී එම නිවසේ සඟවා තිබූ උර හතරක් (04) තුල පාර්සල් පනස් දෙකක (52) අසුරන ලද කේරළ ගංජා කිලෝ අනු හතරයි (94) ග්‍රෑම් පන්සිය විස්සක (520) පමණ තොගයක් සහ එම තොගය ප්‍රවාහනය සඳහා භාවිතා කළ බවට සැක කෙරෙන කැබ් රථයක් (01) සමඟ සැකකාරියක් (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන තිස් හතකට (37) අධික වෙතැයි විශ්වාස කෙරේ.           

තවද, නාවික හමුදා භාරයට ගත් සැකකාරිය වයස අවුරුදු 35 ක් වන පලෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හඳුනාගත් අතර, එම සැකකාරිය (01) කේරළ ගංජා තොගය සහ කැබ් රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පලෙයි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *