Latestදේශීය

නාමල් පුතේ ඉවත් වෙන්න – රනිල්ට මේ වතාවේ ඉඩ දෙන්න

නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී ඔහුගේ සහයත් රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව පූජ්‍ය දොඩම්පහළ රාහුල හිමියන් සඳහන් කරති.

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වූ සඟ සමුළුවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලදී.

“අනේ අපේ පුතානෝලා සර්ලා ඔබලා දෙන ඔය අනුග්‍රහය සමහරක් වෙලාවට අනියම් හෝ නියම් වශයෙන් හෝ වෙනපැත්තකට ඔය අර අදින්නේ රනිල් සර්ට විරුද්ධව යැවෙනවා නම් මේ රටේ සෑබෑ දහමට, ආරක්ෂාවට, භාෂාවට යැවෙනවා නම් ඔබතුමන්ලා දෙපාරක් තුන්පාරක් සිතත්තවා.

මගේ රටේ 2009 විජයග්‍රාහී ජයග්‍රහණය අරන්දීලා අභය දීපු මහින්ද රාජපක්ෂ ශ්‍රීමතානනී ඔබගේ පිළිරූ හදලා මේ මිනිස්සු වදී මේ මොහොතේදී හරි පුත්‍රයා ගෙන්නලා කරුණාකර, කොල්ලෝ අයින්වෙයන් කියලා මේක ගෙනියන්න ඉඩ දෙන්න කියන්න. මේ ඡන්ද ටික එකට එකතු කරන්න.

ඔබ සැබෑ නායකයෙක් නම් දේශප්‍රේමියෙක් නම් මේ රටට සැබෑ ආදරේ නම් මේ මොහොතේ ඒක කරලා.. කොල්ලො මේ වෙලාවේ අයින් වෙයන් කියන්නේ.

නාමල් පුතේ ඔයාට නිසි අවස්ථාව ආවාහම එදාටත් රාහුල හමුදුරුවෝ එතන ඉන්නවා. ඔබ තව ගොඩ නැගෙන්න ඕනේ.”

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *