සජිත්ගේ පොරොන්දු ඉටු කරන්න නම් අමතර කෝටි 40000ක් හොයන්න වෙනවා – එස් බී දිසානායක
සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විම් වලදි ජනතාවට පොරොන්දු වු දේවල් ලබාදිමට අමතර රු කොටි හතලිස් දහසක් ඔහු සොයාගත යුතු බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතා පැවසිය.
එස්.බි දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරිම සදහා හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති රැස්විමකදි අදහස් දක්වමිණි.
මෙම රැස්විමේදි වැඩිදුරටත් අදහස් දැක් වු එස්.බි දිසානායක මහතා කියා සිටියේ මේ මස 22 දින වැරදිමකින් හෝ සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපති වුණොත් එයා කොහෙන්ද මේ රු කොටි හතලිස් දහසක මුදල සොයන්නේ?
සජිත්ගේ තාත්තා උතුරේ පළාත් සභා ක්‍රමය ඇති කරන්න දැඩි ලෙස විරුද්ධ වුණ කෙනෙක්, දමිල ජනතාවට කිසිම දෙයක් කරපු නැති නායකයෙක්, එයාගේ පුතා කොහොමවත් දමිල ජනතාවට කිසිම දෙයක් කරන්නේ නැ.
2015 වසරේ එයා නිවාස ඇමති වුණා, මම හදපු අමාත්‍යංශය ඒක, ඒ අමාත්‍යංශයේ ඕන තරම් සල්ලි තියෙනවා නිවසක් නැති කෙනෙකුට දිවයිනේ ඕනැම තැනක නිවසක් ඉදි කරන්න පුළුවන්.
වතුකරයේ කාටද එහෙම නිවසක් සජිත් ප්‍රේමදාස හදලා දුන්නේ යනුවෙන් පැවසිය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

