Miss International කිරුළ හිමිකරගත් තිලිනි කුමාරි දිවයිනට
ඉන්දුනීසියාවේ පැවති Miss International – 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිනි කුමාරි ඊයේ (16) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
මෙම තරගාවලිය ඉන්දුනීසියාවේ බාලි දූපත් හි ලෝකයේ රටවල් 20 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 09/09 දින සිට 09/16 දින දක්වා පවත්වා තිබුණි.
මෙම තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගත් තිලිනි 09/17 දින රාත්‍රී ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 365 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය.
මහනුවර , පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි ඇය නිළියක , නිවේදිකාවක ඇතුළු ක්ෂේත්‍ර ගනනාවක් සිය දස්කම් විදහා දක්වමින් සිටින්නීය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

