ඡන්ද පෙට්ටි 20වෙනිදා ඡන්ද මධ්‍යස්ථානවලට
මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද පෙට්ටි ලෙස යොදා ගැනීමට නියමිත කාඩ්බෝට් පෙට්ටි මේ වන විට දිවයිනේ සියලු තේරීම්භාර නිලධාරීන් වෙත යවා අවසන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව තේරීම්භාර නිලධාරීන් විසින් අදාළ ඡන්ද පෙට්ටි එළඹෙන 20 වෙනිදා ඡන්ද මධ්‍යස්ථාන සදහා නිකුත් කරනු ඇති.
ඡන්ද පත්‍රිකාව ප්‍රමාණයෙන් විශාල වීම හේතුවෙන් මෙවර ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝට් පෙට්ටි භාවිත කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.
ඒ අනුව ප්‍රමාණ 3කින් කාඩ්බෝඩ් පෙට්ටි නිර්මාණය කර ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.
මේ අතර ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් රාජ්‍ය නිලධාරීන්ට සියලු උපදෙස් නිකුත් කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ රාජකාරී කටයුතු සඳහා සහභාගී වන නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ගන්නා ලෙසත් නියමිත දිනයේ දී රාජකාරී කටයුතු සිදුකරන ස්ථාන වෙත ගමන් කරන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

