Latestදේශීය

පුද්ගලික අංශ සේවකයන්ට ඡන්දෙ දාන්න නිවාඩු – මැතිවරණ කොමසාරිස්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපති තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා අවශ්‍ය නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඒ අනුව සැප්තැම්බර් 21, ඒ සඳහා අවශ්‍ය නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම් දෙයි.

එහිදී සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 40ක් හෝ ඊට අඩුනම් වරුවක නිවාඩුවක් ලබාදිය යුතුය.

කිලෝමීටර් 40ත් 100ත් අතර දුරක පවතීනම් දිනක නිවාඩුවක් ද කිලෝමීටර් 100ත් 150ත් අතර දුරකනම් දින එකහමාරක නිවාඩුවක් ලබාදිය යුතු බව පැවසීය.

සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට කිලෝමීටර් 150 වැඩි දුරක් ඇත්නම් දින 02ක රාජකාරි නිවාඩුවක් ලබාදිය යුතු බව කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *