නිවසක් කොල්ලකෑ පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට
කොළඹ පහළොව මෝදර ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ දාහතරක පමණ මුදල් හා බඩු භාණ්ඩ කොල්ල කන ලද පොලිස් නිලධාරීන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුර ගෙන ඇත්තේ බ්ලූමැන්ඩල් පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සැරයන්වරයකු හා උතුරු කොළඹ බුද්ධි අංශයේ නිලධාරියෙකි.
අත්අඩංගුයට ගන්නා ලද සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. නිවසයන් බිය ගන්වා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවට පොලිස් පරීක්ෂණ මගින් හෙළි කරගෙන ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

