ජනාධිපති මාධ්ය අංශයෙන් සුබ ආරංචියක්
ජාත්යන්තර සෛවරීත්ව බැදුම්කර ප්රතිව්යුහගකරණය කිරීම සදහා ණය හිමියන් එකගතාවය පළ කර තිබෙන බව ජනාධිපති මාධ්ය අංශය සදහන් කරයි.
ජාත්යන්තර සෛවරී බැදුම්කරහිමියන් සහ වානිජ ණය හිමියන් සමග කළ සාකච්ඡාවල ප්රතිඵලයක් ලෙස මෙසේ ඇමරිකානු ඩොලර් බිලියන 17.5ක ණය මුදලක් ප්රතිව්යුහගත කිරීමට හැකියාව ලැබී ඇති බව එහි වැඩිදුරටත් සදහන් වෙයි.
ජාත්යන්තර සෛවරීත්ව බැදුම්කර හිමියන් සමග මෙන්ම චීන සංවර්ධන බැංකුව සමග ණය ප්රතිව්යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර චීන සංවර්ධන බැංකුවෙන් ලබාගෙන ඇති ඩොලර් බිලියන 3.3ක ණය මුදලද ප්රතිව්යුහගතකරණයට එකගතවී තිබෙන බව ජනාධිපති මාධ්ය අංශය නිකුත්කළ නිවේදනයේ සදහන් වන අතර මේ සමගින් වර්තමානයේ පවතින ණය ප්රමාණයෙන් සියයට 40.3ක සහනයක් රටට ලැබී තිබෙන බවද එහි වැඩිදුරටත් සදහන් වෙයි.
මේ මගින් ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන අතර පොලී ගෙවීම් අඩුවීම තුළින් මූල්ය ස්ථාවරයත් ඇති කරගැනීමට හැකියාව ලැබී ඇති බව ද ජනාධිපති මාධ්ය අංශය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

