Latestදේශීය

මැතිවරණ කොමිසම සූදානම්

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව තුළ අනපේක්ෂික කාලගුණික තත්ත්වයන්ගෙන් සිදුවිය හැකි ආපදාවන්ට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ, ආපදා තත්ත්වයන් ඇති විය හැකි බවට සැකකෙරෙන දිස්ත්‍රික් සඳහා වැඩි අවධානයක් යොමුකර ඇති බවය.

හෙට (20) දිනයේ සිට පැය තුනකට වරක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කාලගුණ වාර්තාවක් ලබා ගැනීමට ද කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය. 

මේ අතර ආපදා මඟින් ජනාධිපතිවරණයට සිදුවිය හැකි බාධා කළමනාකරණය කරගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මැතිවරණ කොමිෂන් සභාව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද සිට ලබන 22 වන දින දක්වා එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *