සජිත් දැන් වෙනස් – චම්පික රණවක
සජිත් ප්‍රේමදාස මහතා බර සාර ඉංග්‍රීසි වචන කතා කරමින් ආර්ථිකය ගොඩ ගැනීම සදහා විදේශ ආධාර ලබාගැනීමට සැරසෙන ආර්ථික ගැටළුවට ලාමක ටිං ටිං පන්නයේ අවර ගනයේ විසඳුම් ලබා දෙන්නෙකු ලෙස විවේචනයට ලක් කළ පාඨලී චම්පික රණවක දැන් සජිත් ප්‍රේමදාස එම තත්වයෙන් මිදී ඇති බව පවසනවා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු මෙම කරුණු හෙළිකර තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් විවේචනයක් පැවතියද ඔහු තම පක්‍ෂය විසින් ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්තිය පිළිගැනීමට එකඟවීම හරහා එම ගැටලුව විසඳී ගිය බවයි.
මේ වන විට පක්ෂ නායකයින් රැසක් සමගි ජනබල සන්ධානය යටතේ අත්වැල් බැඳගෙන සිටීම හේතුවෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ඉතා පැහැදිලි අදහසක් නිර්මාණය වී ඇති බව ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

