Latestදේශීය

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් කාර්යාලයෙන් අදත් ලබා ගත හැක- තැපැල් දෙපාර්තමේන්තුව

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (20) දිනයේත් තමන්ට ආසන්න තැපැල් කාර්යාලයෙන් ලබා ගැනීමට ඡන්ද දායකයින්ට පහසුකම් සලසා  ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දි තිබේ.

හෙට දිනයේත් ඒ සඳහා අවස්ථාව පවතින බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව තමන්ගේ අන්‍යතාව තහවුරු කර පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ඡන්ද පත්‍රිකා ලබා ගැනීමට හැකියාව ඇත.

කෙසේ වෙතත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැතිව වූවත් හැඳුනුම්පත රැගෙන යාමෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *