බංගලාදේශයේ සරසවියක දරණු සිසු ගැටුමක්
බංග්ලාදේශයේ ඩකා අගනුවර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ගැටුමකින් එක් සිසුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
එම සිසුවා මියගොස් ඇත්තේ පෙරේදා රාත්‍රී එම විශ්වවිද්‍යාලයේ දේශන ශාලාවක් තුළ සිදුවූ පහරදීමකින් බවත්, ඝාතනයට සැකපිට තවත් සරසවි සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
අත්අඩංගුවට පත්වූ එක් සිසුවකු ඩකා විශ්වවිද්‍යාලයේ විද්‍යා හා තාක්ෂණ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ උපලේකම් බව ද වාර්තා වේ.
අත්අඩංගුවට පත් වී ඇත්තේ ඩකා විශ්වවිද්‍යාලයේ නේවාසිකව සිටි සිසුන් වන අතර, මියගිය සිසුවා සොරකු බවට සැක කරමින් පහරදීම සිදුවී ඇති බව මූලික විමර්ශනයේදී සඳහන් වී ඇතැයි වාර්තා වේ.
කෙසේ වුවද ඩකා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ දේශපාලන ක්‍රියාකාරකම් තහනම් කරන ලෙස එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පසුගියදා විරෝධතාවක නිරත වූ අතර, සරසවි ශිෂ්‍ය දේශපාලනයට හිතවාදී සිසුන් ඊට විරුද්ධ වූ බවත් වාර්තා වී තිබිණි.
ඊයේ එම සිදුවීම හා පෙරේදා සිදුවූ සරසවි සිසුවාගේ ඝාතනය අතර සම්බන්ධතාවක් තිබේදැයි පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

