Latestදේශීය

මැතිවරණය පිළිබද කොමිසමේ උපදෙස් පමණක් පිලිපදින්න

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම නිදහස්,සාධාරණ හා විශ්වසනීය භාවයෙන් යුතුව පැවැත්වීමට අවශ්‍ය සියලු විධිවිධාන මේවන විට ගෙන ඇතිබව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

ඊට අදාළ සියල්ල ව්‍යවස්ථාපිතව කල යුතු කාර්‍යන් පිළිබඳ චක්‍රලේඛ,උපදෙස් ,නියෝග නිකුත් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය ආයතන හරහා මහජනතාව දැනුවත් කර ඇතිබව සභාපතිවරයා පැවසීය.

එහෙත් විවිධ පුද්ගලයන් සහ සංවිධාන කොමිෂන් සභාවේ උපදෙස් වලට පටහැනිව හා පරිබාහිරව ඡන්ද විමසීම පිළිබඳ වරින් වර විවිධ ප්‍රකාශ නිකුත් කරන බව නිරීක්ෂණය වී තිබේ.

ඒ අනුව විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් මේවනවිට ඡන්ද සලකුණු කරන ආකාරය ,ඡන්ද හා මනාප ගණන් කරන ආකාරය ,මැතිවරණ නීති බලාත්මක කිරීම,ප්‍රචාරණ කටයුතු හා වෙනත් පරිපාලනමය කාර්‍යන් සම්බන්ධයෙන් එලෙස ප්‍රකාශ නිකුත් කරන බව නිරීක්ෂණය වී තිබේ.

එම ප්‍රකාශ සඳහා මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදෙමින් ද තිබේ.

ඒවා මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවේදන නොවන බවත් එවැනි කිසිදු ප්‍රකාශයක නිල වලංගුතාවක් නොමැති බව සභාපතිවරයා එහිදී පැවසීය.

ඡන්ද විමසීම සඳහා ඕනෑම තොරතුරක් පුරවැසියන්ට මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසීමට හැකිය.

ජනාධිපතිවරණයේදී ජනතාවට දැනගැනීමට අවශ්‍ය සියලු තොරතුරු ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් නිකුත් කරන බවත් ඒ හේතුවෙන් විවිධ පුද්ගලයන් සහ සංවිධාන විසින් නිකුත් කරනු ලබන ප්‍රකාශ සඳහා නොරැවටෙන ලෙස ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *