Latestදේශීය

මැතිවරණ නීති උල්ලංඝණය කළ බවට රනිල්ට සහ සජිත්ට චෝදනා

මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම තහනම් කර ඇති කාල සීමාව තුළද Meta ජාලය තුළ විශේෂයෙන් ෆේස්බුක් පිටු හරහා මුදල් වියදම් කරමින් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් MediaMeterLk කණ්ඩායම විසින් මැතිවරණ කොමසාරිස් කාර්‍යාලය වෙත පැමිණිලි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් මාධ්‍ය වෙත නිවේදනයක්ද නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින් දැක්වේ,

“තහනම් නිහඩ කාල සීමාව තුල අපේක්ෂකයන් දෙදෙනෙකු විසින් Meta දැන්වීම් ( Meta Adds ) භාවිතා කරමින් ප්‍රචාරණයේ යෙදීම සම්බන්ධව අප හට නිරීක්ෂණය වී ඇති අතර ඒ පිළිබදව අප විසින් මැතිවරණ කොමසාරිස් කාර්‍යාලය වෙත පැමිණිලි කරන ලදී.
===================================
මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය,
මැතිවරණ කොමිෂන් සභා කාර්‍යාලය, සරණ මාවත, රාජගිරිය.
කොමසාරිස්තුමනි ,
තහනම් නිහඩ කාල සීමාව තුල අපේක්ෂකයන් දෙදෙනෙකු විසින් Meta දැන්වීම් ( Meta Adds ) භාවිතා කරමින් ප්‍රචාරණයේ යෙදීම සම්බන්ධව අප හට නිරීක්ෂණය වී ඇති අතර ඊට අදාල පැමිණිල්ල පහත අමුණා ඇත.
ඊට අදාලව අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, පැමිණිළි භාරගැනීමේ අංකය මෙම අංකය හරහා හෝ අපගේ විද්‍යුත් ලිපිනය හරහා අප හට දැනුම් දෙන ලෙසත් මෙයින් ඉල්ලා සිටිමු.
මීට,
ළහිරු ලක්මිණ
MediaMeterLk කණ්ඩායම වෙනුවෙන්
#mediameterlk #Elections #PE2024″

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *