Latestදේශීය

මිදිගම ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

මිදිගම ගොවියාපාන පාලම අසල දී වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 30, 38 වයසේ පසුවන අගුලුගහ සහ කෝට්ටේ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11, මිලි ග්‍රෑම් 500 ක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මිදිගම ගොවියපාන පාලම අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මාළු ව්‍යාපාරිකයාට ටී පනස් හය වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝලයක් යොදා ගනිමින් වෙඩි තබා තිබුණි.

පොලිසිය පවසන්නේ, එහිදී එම මාළු ව්‍යාපාරිකයා මියගොස් තිබූ අතර මාළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

එම වෙඩි තැබීමෙන් මිය ගොස් තිබුණේ, අහංගම – දේණුවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කැලුම් චතුරංග නමැති දෙදරු පියෙක් බව පොලිසිය පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *