GossipsLatestදේශීය

හොරෙන් පිටවුණා ඡන්දෙට වැසීගෙන

ඔය බැසිල් රාජපක්ෂ මහත්තයා ඉන්නවා නේද….. උන්නැහේ ඉතින් ලංකාවට එන්නේ නිවාඩු එහෙම ගතකරලා පුලුවන් නම් මොනවා හරි එකතු කරගෙන තමන්ගේ මව් රට වෙච්චි ඇමරිකාවට යන්න නොවැ…… 

කවුරු කවුරුත් හරිටය බය වෙච්චි, කාට කාටත් උඩින් රජ වෙච්චි, හිතූ හිතූ ලෙස මිස්ටර් 10% වෙච්චි මෙහෙම උත්තමයෙක් මේ දිවයිනේ ආයෙ වෙන නම් නැතුවා……

කවුරු කවුරුත් බලය තිබුණු කාලේ මේ උන්නැහේට කුණු බයයි…. ඒ කිවුවේ ඔය රාජපක්ෂ කඳවුරේ ලැබෙන දෙයක් ලෙවකාගෙන මදිනම් අසූචි පවා ලෙවකන්න හිතහදාගෙන හිටපු කවුරු කවුරුත් බැසිල් මහත්තයාට කුණු බයයි……..

පස්සෙ කාලෙ රාජපක්ෂලා රාජාසනවලින් බිමට පතබෑවෙනවා කියලා දැනගත්තට පස්සේ වැඩිපුරම කකුල් අතගාගෙන හිටපු උන්නැහේලම තමයි බැසිල් උන්නැහේට මුළින්ම කුණු බැනුම් බනින්න පටන් ගත්තේ…… ඒක වෙනම කතාවක්…

කොහොමෙන් කොහොම හරි අන්තිම මොහොත වෙනකම් තුරුම්පු ගහලා….. ගහලා….. ගහලා…… රනිල් උන්නැහේව බලයේ තියාගන්න ගන්න පුලුවන් හෑම උත්සාහයක්ම අරගෙන බැරිම තැන සජිත්ගෙන් හරි රැකවරණයක් ලබාගෙන මෙහෙට වෙලා නිවාඩු ගතකරන්න හිතපු බැසිල් මහත්තයා ඔන්න ඡන්දෙට දවසක් තියෙද්දි තමන්ගේ මව්රටට පල්ලම්බැහැලා…..

ඇයි එතකොට මේ ඡන්දෙ අස්සෙම බැසිල් උන්නැහේ හිමීට මාරුවුණේ?

හීනෙන් කූරු ගනිනවා වත් දැකලද?

දැවෙන ප්‍රශ්ණ අප්පා…… මේවා දැවෙන ප්‍රශ්ණ……….    

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *