කුවේට් හි නව ශ්‍රී ලංකා තානාපතිවරයාගේ පත් කිරීමට අනුමැතිය
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයාගේ පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී පසුගියදා (18) රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී.රත්නායක මහතාගේ පත් කිරීම කිරීම, උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා අනුමත කර ඇත.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, උදය ගම්මන්පිල යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

