Latestදේශීය

හෙට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරේ

ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට දිනයේ දී (21) දුම්රිය සුපුරුදු පරිදි ධාවන කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ජේ.එන්. ඉඳිපොලගේ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (20) රජයේ නිල පුවත් web අඩවිය කළ විමසුමේ දී ය.

ඒ අනුව, හෙට දිනයේ දී සුපුරුදු ලෙස සෙනසුරාදා දිනවල ධාවනය කෙරෙන දුම්රියන් සියලුම දුම්රිය මාර්ග වල ඒ ආකාරයෙන්ම ධාවනය වීමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *