Latestදේශීය

අනුර ඉදිරියෙන්

මේ දක්වා ප්‍රකාශිත තැපැල් ඡන්ද ප්‍රතිඵල තුළින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් පසුවනවා. ඒ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 57.78%ක ප්‍රතිශතයක් හිමිකරගනිමින්. අනුර දිසානායක මහතා මේ දක්වා ලබා ඇති සමස්ත ඡන්ද සංඛ්‍යාව 154657කි.

තවද දෙවන ස්ථානය රනිල් වික්‍රමසිංහ මහතා හිමිකරගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 19.61%කි. ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 52482කි.

තෙවන ස්ථානය හිමිකරගෙන ඇති සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 48970ක් ලබා ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 18.3%කි.

නාමල් රාජපක්ෂ මහතා මෙතෙක් ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 4624කි. එය ප්‍රතිශතයක් ලෙස 1.73%ක අගයක් ගනී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *