Latestදේශීය

අනුරගේ අසුන නිපුනආරච්චිට

නව ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය සඳහා ලක්ෂමන් නිපුණආරච්චි මහතා පත් කිරීමට නියමිතව තිබේ.

ඊයේ (22) පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයේදී අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසීය.

ඔහු පැවසුවේ නව මන්ත්‍රීවරයා පත් කිරීම ඔවුන්ගේ කටයුත්තක් නොවන බැවින් එය මැතිවරණ නීතිය අනුව මැතිවරණ කොමිසම විසින් සිදුකළ යුතු බවය. 

අනුර කුමාර දිසානායක මහතාගෙන් පසු මනාප ලැයිස්තුවේ මීළඟට  සිටින්නේ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා බැවින් මැතිවරණ කොමිසම නව මන්ත්‍රීවරයා ලෙස ඔහු පත් කරනු ඇති බවත් ඔහු පැවසීය. 

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *