ජනාධිපති ලේකම් සනත් කුමානායක
නව ජනාධිපති ලේකම් වශයෙන් ආචාර්ය සනත් නන්දික කුමානායක මහතා පත්කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
සනත් නන්දික කුමානායක මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධි ධාරියෙක් වෙයි
ඒ මහතා සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි අයෙක් වන අතර ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙසද සේවය කර ඇත.
නව පාලනයක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත ඉදිරි කාර්යයන් හී සුවිශේෂී භූමිකාවක් කුමානායක මහතාට හිමිවන බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

