අභිනව ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) පස්වරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
මෙහිදී උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපති ධූරයේ ඉදිරි කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාව ප්‍රමුඛ අනුනායක හිමි දෙපල ඇතුළු මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ජායනා කර නව ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළහ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ.ඩී. ලාල් කාන්ත, බිමල් රත්නායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

