Latestවිදේශීය

චීනය සීග්‍රයෙන් මහත් වෙයි

චීන ජනගහනයෙන් 37%ක් සථූලත්වයට පත් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවකින් අනාවරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෑත කාලයේ චීනයේ උද්ගත වී ඇති ආර්ථික ගැටලු මධ්‍යයේ ජනගහනයෙන් තුනෙක් එකක් ස්ථුලත්වයට පත්වීම විමතිය දනවනසුලු හෙළිදරව්වක් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එරට වැඩිහිටියන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් මේ වර්ගීකරණයට අයත් වන බව චීනයේ ෂිංහුවා පුවත් සේවය ද තහවුරු කර ඇති අතර, එම සංඛ්‍යාව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවෙන් අනාවරණය වූ ප්‍රමාණයට වඩා වැඩි බවත් සඳහන් වේ.

රැකියා ආතතිය, වැඩ කරන පැය ගණන දීර්ඝ වීම, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර සඳහා වැඩි නැඹුරුවක් පැවතීම වැනි කරුණු ඊට හේතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මේ තත්ත්වය මත රටේ පවතින ආර්ථික ගැටලු මැද එවැනි ස්ථූලත්වයක් පෙන්නුම් කිරීම සෞඛ්‍ය සේවාවට ද අභියෝගයක් වනු ඇතැයි වාර්තා වේ. එරට බොහෝ මවුපියන් සිය දරුවන් වැඩි වශයෙන් අධ්‍යාපනයට යොමු කිරීමෙන් පිහිනීම වැනි ශාරිරීක ක්‍රියාකාරකම් අවම වීමද ඊට හේතු වී ඇතැයි සඳහන් වේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *