Latestදේශීය

නව ජනපතිට අපේ ආශිර්වාදය සහ සහයෝගය – මැල්කම් කාදිනල් හිමි

නව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (23) පස්වරුවේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ බොරැල්ල අගරදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා අගරදගුරු හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි කතා බහක නිරත වූ බවයි.

එහිදී අදහස් දැක්වූ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශ්‍රී ලංකාව තුළ අවශ්‍යම වෙනසක් ඇති කිරීමේ වගකීම එතුමාගේ කර මතට රටේ ජනතාව විසින් පවරා ඇති බවත් ඒ සඳහා සම්පූර්ණ සහයෝගයත්, ආශිර්වාදයත් ලබාදෙන බවත් කාදිනල් හිමිපාණන් සඳහන් කර ඇත.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *