පොලීසිය තිතට වැඩ – අල්ලස් දෙන්න හැදූ අයෙක් අත්අඩංගුවට
09.24 වන දින උදෑසන කාලයේ මාතලේ පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000/= ක අල්ලස් මුදලක් ලබා දීමට තැත් කල පුද්ගලයෙකු මාතලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මාතලේ පොලිස් ස්ථානය වෙත පැමිණි පුද්ගලයකු තමන් පුද්ගලික බැංකුවක වාහන අත්පත් කර ගැනීමේ නියෝජිතයෙකු බව සඳහන් කරමින් ලොරි රථයක් අත්පත් කරගැනිම සඳහා නමක් හෝ නිල මුද්‍රාවක් නොමැති බලය පැවරීමේ ලිපියක් ඉදිරිපත් කර පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදුකිරීමට අවශ්‍ය බව පවසා ඇත.
එහිදි විවිධ පැමිණිළි අංශයේ ස්ථානාධිපති විසින් වගකිව යුතු නිලධාරියෙකුගේ නම සහිත නිලමුද්‍රාව තබා ලිපියක් රැගෙන ඒමට උපදෙස් ලබා දී ඇති අතර, එම පුද්ගලයා විසින් එසේ කටයුතු නොකර පොලිස් පරීක්ෂකවරයාට රුපියල් 5000 ක මුදල් ලබා දීමට උත්සහ ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39 ක් වන මාපාකන්ද උතුර, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මාතලේ පොලිසිය වැඩිදුර විර්මශනය සිදු කරනු ලබයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

