Latestදේශීය

හර්ෂට කුණුහරුප වැලක් – රනිල් එක්ක ඩීල් දැම්මාලු

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පරාජයට පත් වූයේ හර්ෂ ද සිල්වලාගේ රනිල් වික්‍රමසිංහ සමග ඇති ඩීල් නිසා පවසමින් කෝට්ටේ ආසනයේ ඡන්ද පොල නියෝජිතයින්ගේන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාට ඔහුගේ නාවල පක්ෂ කාර්යාලයේදී දැඩි ලෙස විරෝධය එල්ල වී තිබේ.

ඒ මෙවර මහමැතිවරණයේදී එජාපයත් සමග ඩීල් එකක් දමා සජබය සහ එජාපය එක්ව මහමැතිවරණයට තරග කරන බවට එම ඡන්ද පොල නියෝජිතයින් කැඳවා කෝට්ටේ ආසන සංවිධායක ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් කළ දැනුම් දීමත් සමගය.

“ඔයගොල්ලො UNP එකත් එක්ක ඩීල් දාලා තමයි ජනාධිපතිවරණයත් සජිත් මහත්තයා පැරදුණේ. තවත් ලැජ්ජ නැතිව UNP එකත් එක්ක ඩීල් දාන්න ලෑස්ති වෙන්න එපා. අපි ඒවට එන්නෙ නෑ.” යනුවෙන් ඡන්ද පොළ නියෝජිතයන් කෑ ගසා තිබේ.

එහිදී හර්ෂ ද සිල්වා, “නෑ… නෑ… නෑ… ඩීල් දාන්නෙ නෑ… අපි රනිල් එක්ක ඩීල් දාන්නේ නෑ… අපි ඩීල් එකක් දාන්නේ රුවන් විජයවර්ධන එක්ක. එයා තමයි අපිත් එක්ක ඩීල් එක යන්නේ…’ යැයි සඳහන් කර ඇත. එහිදී තව තවත් තත්වය උණුසුම් අතට හැරී ඇති අතර “ඕකුන් තමයි සජිත් මහත්තයාව එකතු වෙලා පැරැද්දුවේ. ඕකුන් එක්ක මොන ඩීල්ද? කෝට්ටේ ආසනයත් මේ පාර තුන්වැනි තැනට වැටුණේ ඔය ඩීල් නිසා තමයි” යැයි කියා කියමින් මන්ත්‍රී හර්ෂ ද සිල්වාට තද බල ලෙස විරෝධය දක්වා ඇත.
ඡන්ද පොල නියෝජිතයන් 125දෙනෙකු පමණ සහභාගී වී සිට ඇති මෙම රැස්වීමේදී ඡන්ද පොල නියෝජිතයන් පරුෂ වචනයෙන්ද හර්ෂ ද සිල්වාට බැන වැදී ඇති අතර තත්වය එන්න එන්නම උණුම් වනවිට “මම මෙම රැස්වීම මෙතනින් අවසන් කරනවා” යැයි කියමින් මන්ත්‍රී හර්ෂ ද සිල්වා වහාම රැස්වීම අවසන් කොට සිය කාර්යාලයේ ඉහළ මාලයට දුවගොස් ඇත.

මූලාශ්‍ර මව්රට


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *