Uncategorized

බිත්තර මිළ පහළට – වාසිය පොදු ජනතාවට

වෙළඳපොළෙහි බිත්තර මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහත බැස ඇති අතර බිත්තරයක මිල රු.28/ත්-රු.35/ත් අතර වූ මිල පරාසයක පවතින බවට විවිධ මාධ්‍ය මඟින් ද වාර්තා කර තිබෙන බවත්, බිත්තර මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, වෙළඳ ප්‍රජාව වෙත දැනුම් දී තිබේ.

මෙම මිල අඩු වීමට සාපේක්ෂව බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල ද අඩු විය යුතු අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස බේකරිහිමියන්ගේ සංගමය, සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය ඇතුළු බේකරි සහ හෝටල් හිමිකරුවන් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙනු ලැබේ.

එමෙන්ම, අලෙවි කරන බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල පැහැදිළිව ප්‍රකටව පෙනෙන ආකාරයෙන් වෙළඳසැලෙහි ප්‍රදර්ශනය කළ යුතු බව වැඩිදුරටත් දැනුම් දෙන අතර එසේ සිදු නොකරන වෙළඳුන් සම්බන්ධව දිවයින පුරා වැටලීම් සිදු කිරීමට කටයුතු කරනු ලැබෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එම අධිකාරිය නිකුත් කළ නිවේදනය පහත සඳහන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *