අමුණුගම පිම්ම
ජනාධිපතිවරණයට පෙර පිල් පැන්න මැති ඇමතිවරු පශ්චාත් මැතිවරණ සමයේදී යළිත් පිල් පැනීම ආරම්භ කර තිබේ.
මෙය ආරම්භ කරන ලද්දේ හිටපු රාජ්ය ඇමති දිලුම් අමුණුගමය. ඔහු මව්බිම ජනතා පක්ෂයට එක් වී ඇති අතර එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරයද ඔහුට ලබා දී ඇත. මෙම පිල් පැනීමේ සුවිශේෂී ලක්ෂණය වී තිබෙන්නේ මව්බිම ජනතා පක්ෂයට එක්ව සිටි සරත් අමුණුගම එයින් ඉල්ලා අස් වී නිහඬ සිටින අතර ඔහුගේ ඥාති පුතෙකු වන පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහ පිල නියෝජනය කළ දිලුම් අමුණුගම එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරය දක්වා ගමන් කර තිබීමය.
මේ අතර වාර්තා වන්නේ රනිල් වික්රමසිංහ පිලේ සිටි තවත් බොහෝ පිරිසක් නැවත පිල් මාරු කිරීමට අවස්ථාව සොයමින් සිටින බවය. සමගි ජන බල සන්ධානයේ පිරිසක්ද දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

