Latestදේශීය

කබීර්, එරාන්, හර්ෂ සජබෙන් ඉවතට?

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු එම පක්ෂයෙන් ඉවත් වීමට සූදානමක ඇති බව වාර්තා වනවා. ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ එරාන් වික්‍රමරත්න යන හිටපු මන්ත්‍රීවරු සජබ හැර යාමේ වැඩි ප්‍රවනතාවයක් ඇතැයි පැවසෙන අතර පසුගිය දා හර්ෂ ද සිල්වා සහභාගි වූ ජන හමුවකදී ඔහුට පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබුණා.

මෙම මන්ත්‍රීවරුන් තිදෙනා ගත වූ ජනාධිපතිවරණයේදීත් ඊට පෙර සිටත් දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ පාර්ශවය සමඟ එක්වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සිටි අය වන අතර ජනාධිපතිවරණයෙන් පසුද එම පිරිස එකී යෝජනාව ඉදිරිපත් කරද්දී ඔවුන්ට එල්ල වූ දැඩි විරෝධය මත කළකිරීමට පත්වූ ඔවුන් මෙම පියවර ගැනීමට සූදානම් වන බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.  

ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට පවා ඔවුන්ට නාම යෝජනා ලබාදීමටද පක්ෂයේ ඇතැම් පිරිස් විරුද්ධ වෙමින් ඇතැයි ද පැවසෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *