Latestදේශීය

කිසිම ඩීල් එකක් නැහැ, හොරු අල්ලනවාමයි – නාමල් කරුණාරත්න

අපට දැනට කිසිවකු සමඟ කිසිම ඩීල් එකක් නෑ. මහජන දේපොළ සොරාගත් අය වෙනුවෙන් කොන්දේසි විරහිතව නීතිය ක්‍රියාත්මක කරනවා යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

නාමල් කරුණාරත්න මහතා මේ බව කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කියා සිටියේය.

රජයේ දැනට පවතින නීතිවලට අනුව විධිමත් පරීක්‍ෂණයක් සිදු කර නීත්‍යනුකූලව අදාළ පියවර ගැනීමට අප කටයුතු කරමින් ඉන්නවා. දැනට අප සතුව ෆයිල් ප්‍රමාණයක් තියෙනවා. තවත් තොරතුරු කීපයක් එකතු කරමින් ඉන්නවා සහ එකතු කිරීමටත් තියෙනවා.

ඒ අතරතුර අප අදාළ නීතිමය පියවර ඉතාමත් ඉක්මනින් ගන්නවා. විධිමත් විගණනයන් කරලා නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳ කතා දෙකක් නෑ. විශේෂයෙන්ම මහජන දේපොළ හොරා කාපු, කාබාසිනියා කළ, විනාශ කළ සියලු දෙනාට කොන්දේසි විරහිතව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳ අපට කිසිම කතා දෙකක් නෑ, කොන්දේසි නෑ අප කරනවාමයි. මේ ජයග්‍රහණය තාම ඉවර නෑ. මෙය තවදුරටත් කරගෙන යන්න ගොවි ජනතාවගේ ශක්තිය යොදවන්න.

ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයේ කොටස්කරුවන් ලෙස දීර්ඝ කාලයක සිට නිරත වූ ගොවි ජනතාවට ස්තූතිවන්ත වෙන ගමන් අපේ මේ අරගලය තවමත් අවසන් නැති බව මේ වෙලාවේදී සඳහන් කළ යුතුයි. ගොවි ජනතාවගේ කෘෂි කටයුතුවලදී පැනනැඟුණු ගැටලු සඳහා අප විවිධ උද්ඝෝෂණ, හැලහැප්පීම්වලට මැදිහත් වුණා. අමාත්‍යාංශ වැටලීම් කළා. විරෝධතා දක්වා පෙළපාළි ගියා. පොලිසි ගියා. උසාවි ගියා. තවත් උසාවිවල නඩු තියෙනවා. ඉදිරියටත් ගොවි ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ගැටලු සඳහා අප පෙනී සිටිනවා කියන කාරණය මේ වෙලාවේදී සඳහන් කරනවා.

ඔබ වෙනුවෙන් අප කළ යුතුයි කියන දේ යථාර්ථයක් කර ගැනීමට ඉදිරියටත් අප මැදිහත් විය යුතුයි. අපට දැන් ආණ්ඩුවේ කොටස්කරුවන් විදිහට මැදිහත් වීමේ හැකියාවක් තියෙනවා. අප කළ අරගලවලින් අප ජනාධිපතිවරයෙක් විතරයි පත් කර ගත්තේ. තවම පාර්ලිමේන්තු බලය අප අරගෙන නෑ. ඉදිරි කාලපරිච්ඡේදය තුළදී සමස්ත ගොවි ජනතාවගේ සහයෝගය අප ලබාගත යුතුව තිබෙනවා.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *