Latestක්‍රීඩාදේශීය

ප්‍රභාත් ජයසූරිය ලොව 8 වන ස්ථානයට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේදී කඩුලු 9ක් දවාගත් වමත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය තම වෘත්තිය ජීවිතයේදී අයිසීසී හොඳම දක්ෂතා සටහන් කරමින් ලොව පන්දු යවන්නන් අතර අටවැනි ස්ථානයට පැමිණ තිබේ.

ප්‍රභාත් ජයසූරිය මේ වන විට ටෙස්ට් තරග 15කදී කඩුලු 88ක් දවාගෙන ඇති අතර, කඩුලු 10 බැගින් අවස්ථා 2කදී හා කඩුලු 5 බැගින් අවස්ථා 8කදී වාර්තා කර තිබේ. වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු 13 වැනි ස්ථානයේ සිටියි.

කමිඳු මෙන්ඩිස් තම පළමු ඉනිමේ ශතකයෙන් පසුව ස්ථාන 3ක් ඉදිරියට පැමිණ 16 වැනි ස්ථානයට පත්ව ඇති අතර, කුසල් මෙන්ඩිස් පිතිකරුවන් අතර 51 වැනි ස්ථානය දක්වා ස්ථාන 4ක් ඉහළ ගොස් ඇත. රමේෂ් මෙන්ඩිස් පන්දු යවන්නන් අතර 29 වැනි ස්ථානයට පැමිණියේය.

විස්සයි20 පන්දු යවන්නන් අතුරින් ලොව 5 වැනි ස්ථානයේ වනිඳු හසරංග රැඳී ඇත.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *