Latestදේශීය

මහමැතිවරණයට නාමයෝජනා කැඳවීම ඔක්තොම්බර් 4 සිට 11 දක්වා

නොවැම්බර් මස 14 වැනිදා පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මේ වසරට අදාළව කිසිදු මැතිවරණයක් සඳහා මුදල් වෙන් කිරීමක් සිදු කර නැති නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ මැතිවරණයට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් නිදහස් කිරීමට ජනාධිපතිවරයාට බලතල ඇති යැයි ද හෙතෙම කීවේය.

එළැඹෙන 2025 සඳහා අය-වැය පුරෝකථනය කිරීමේදී රුපියල් බිලියන 11ක් මැතිවරණයකට අවශ්‍ය බව ද හෙතෙම කියා සිටියේය. එමෙන්ම මහ මැතිවරණයට නාමයෝජනා කැඳවීම ලබන ඔක්තෝබර් මස 04 සිට 11 වැනිදා දක්වා සිදු කරන බව ද හෙතෙම පැවැසීය.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *