කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වෙයි
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත.
පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු අභාවප්‍රාප්ත වී ඇති අතර, මිය යනවිට ඔහු 74වැනි වියේ පසු වූ බව සඳහන්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වූ කුමාර වෙල්ගම මහතා, පසුව ඉන් ඉවත් වී නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා බවට පත්විය.
2020 මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග එක්ව මැතිවරණයට ඉදිරිපත්ව වී ඒ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ද ඔහු කටයුතු කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

