Latestදේශීය

ගජ මුතු තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් මීගමුව නගරයේ දී ගජමුතු 05 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙම ගජමුතුවල වටිනාකම රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වන බවයි.

එම අවස්තාවේ දී ගජමුතු තොගය විකිණීමට සූදානම්ව සිට ඇති බවද මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් සඳහන් කර ඇත.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මීගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ .

පොලීසිය පවසන්නේ, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වූ ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන මීගමුව පොලීසිය සිදුකරන බව වැඩිදුරටත් සඳහන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *