Latestදේශීය

ජනාධිපති අනුර පොත් ප්‍රදර්ශනය හා එකතුවෙයි

සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් 25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන  “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය”  සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ එක් විය.

පොත් ප්‍රදර්ශනයට එක් වූ ජනාධිපතිවරයාට එහි පැමිණ සිටි ජනතාවගෙන් හිමි වුයේ ඉතා ඉහළ ප්‍රතිචාරයකි.

මෙවර පොත් ප්‍රදර්ශනය කුටි 400කින් පමණ සමන්විත වන අතර දෙස් විදෙස් පොත් ඇතුලත් කුටි කිහිපයක් නිරීක්ෂණ කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශනයට පැමිණ සිටි ජනතාව සමඟ ද කෙටි පිළිසදරක නිරත විය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපතියේ කෙටුම්පත ද මෙහිදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය  වාර්ෂිකව සංවිධානය කරනු ලබන “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” සැප්තැම්බර් 27 වන දින සිට ඔක්තෝබර් 06 වැනිදා දක්වා පෙ.ව 9.00 සිට රාත්‍රි 7.00 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේ දී පැවැත් වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලියනගේ අමරකිත්ති, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදාර දික්කුඹුර, අධ්‍යක්ෂ සමන්ති ජයසූරිය, මොරටුව විශ්වවිද්‍යාලයේ සමෝදානික නිර්මාණ අංශයේ අංශාධිපති  රුවන්දිකා සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *