Latestදේශීය

ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන වියදම් පිළිබඳව විගණනයක් අවශ්‍යයි – අග්‍රාමාත්‍යතුමිය

ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන වියදම් පිළිබඳ සංඛ්‍යා ලෙඛන පැවතියද එහි ප්‍රගතිය සම්බන්ධයෙන් නිසි විගණනයක් අවශ්‍ය බව සහ කඩිනමින් ඒ පිළිබඳ අභ්‍යන්තර විගණනයක් සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය උපදෙස් ලබාදී තිබේ.

ඊයේ(27) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතන වල ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළ බව සඳහන්.

උත්සව පැවැත්වීම වෙනුවෙන් සිදු කරන අනවශ්‍ය මුදල් හා රාජ්‍ය සම්පත් නාස්තිය වහා නවත්වන ලෙසටද අග්‍රාමාත්‍යවරිය උපදෙස් දී ඇති බව සඳහන්.

තවද මෙම සාකච්ඡාවේදී ක්‍රිඩා අංශවල සිදුවන අපයෝජන සහ හිංසා වැලැක්වීමේ කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍ය බව හා රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා දූෂණ සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කිරීමට අදාළවද උපදෙස් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ලබාදී ඇති බව වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *