හිඟ ආදායම් බදු ගෙවා නිම කරන ලෙස නිවේදනයක්
2023/2024 තක්සේරු වර්ෂයන් සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු මුදල් 2024 සැප්තැම්බර් මස 30 දින හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ආදායම් බදු දෙපාර්තමේන්තුව මෙම නිවේදනයෙන් දක්වා ඇත්තේ යම් තැනැත්තෙක් එසේ කිරීමට කටයුතු නොකරන්නේ නම්, නොගෙවන හෝ ප්රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්රකාරව දණ්ඩනයකට සහ පොලියකට යටත් වන බවයි
එහිදී දඩ හෝ පොලී අඩු කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු නොකරන බවද මෙම නිවේදනයේ සඳහන් වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

