Latestදේශීය

ප්‍රභූ ආරක්ෂාව පිළිබද තීරණාත්මක සාකච්ඡාව අද

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද (30) දිනයේ දී කැඳවා තිබේ.

ඒ අනුව අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී  මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වීමට නියමිතව තිබේ.

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට පසුගිය දා රජය තීරණය කෙරුණි.

කෙසේවෙතත් ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරුන් තම ආරක්ෂාව පිළිබඳව දැනුම් දී ඇති අතර ඔවුන්ට ආරක්ෂකයින් අවශ්‍ය ප්‍රමාණයන් පිළිබඳව ද දැනුම් දී තිබුණි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීම සඳහා අද දිනයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරී හිඟයට පිළියමක් වශයෙන් වෙනත් රාජකාරීවල නිරත වී සිටි නිලධාරීන් සේවයේ අවශ්‍යතාව මත පොලිසියට අනුයුක්ත කිරීමට වැඩබලන පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *